Social Icons

0

Pages

Wednesday, November 28, 2012

ඇබකසයේ ඉතිහාසය


පරිගණක යන්ත්‍රයේ මුල්ම නිමැවුම "ඇබකසය"යි. මේකෙ මුල්ම නිමැවුම කවදා වුණාදැයි හරියටම කියන්න බැරි වුණත් ක්‍රි.පූ. 3000 දී පමණ මැද පෙරදිග හි (දැන් ඉරාකය ආශ්‍රිතව) ඇබකසය පාවිච්චි කලා කියලා සාක්ෂි ලැබිලා තියනවා. අරාබියේ සිට පෙරදිග රට වලට වෙළදාමේ ආව වෙළෙන්දන්ගෙන් මේක ලැබුණ කියලයි සළකන්නේ.
ක්‍රි.ව. 1000 දී පමණ දෙවන සිල්වෙස්ටර් පාප්තුමා යුරෝපා රට වලට ඇබකසය යළි හදුන්වා දීලා තියෙනවා. ඒත් අරාබි ඉලක්කම්

පරිගණකයේ උපත


අපි නිතරම පාවිච්චි කරන මේ පරිගණකය අපි ලගට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොදයිනේ........
මිනිසා වසර සියගණනක් පුර පරිණාමය වූවා සේම පරිගණකයද වසර ගණනාවක් තිස්සේ විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙමින් පරිණාමය වූ දීර්ඝ ඉතිහාසයක් ඇති යන්ත්‍රයකි. එම කාල පරාසය කොටස් 06 ක් යටතේ වර්ග කල හැක.
මෙහි මූලාරම්භය නැත්නම් මෙයට පදනම වෙලා තියෙන්නේ ගණක යන්ත්‍රයයි. ඉතිහාසයේ මුලින්ම හදපු ගණක යන්ත්‍රය "ඇබකසය"යි. ඒකේ සාමාන්‍ය තේරුම " පෙත්ත/ පුවරුව" යන්නයි.
වර්ෂ 1617 දී " ජෝන් නැපියර්" කියල ස්කොට්ලන්ත ජාතික ගණිතඥයෙක් තවත් ගණක යන්ත්‍රයක් හදුන්වා තිබෙනවා. ලඝුගණක ක්‍රමය මුලින්ම හදුන්වා දුන්න මේ යන්ත්‍රය "Napier’s Bones " කියන නමින් ප්‍රසිද්ධ වුනා. 1 ඉදන් 9 වෙනකන් අංක කරපු දඞු කට්ටලයකින් තමයි මේක හදලා තියෙන්නේ. ගණනය කිරීම් කරන්න මේ දඞු එහා මෙහා කරන්න ඕන. ගොඩක් දුරට මේ දඞු ලී හරි ඇත් දළ වලින් හැදුව කියලයි සදහන් වෙන්නේ.