Social Icons

0

Pages

Wednesday, November 28, 2012

පරිගණකයේ උපත


අපි නිතරම පාවිච්චි කරන මේ පරිගණකය අපි ලගට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොදයිනේ........
මිනිසා වසර සියගණනක් පුර පරිණාමය වූවා සේම පරිගණකයද වසර ගණනාවක් තිස්සේ විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙමින් පරිණාමය වූ දීර්ඝ ඉතිහාසයක් ඇති යන්ත්‍රයකි. එම කාල පරාසය කොටස් 06 ක් යටතේ වර්ග කල හැක.
මෙහි මූලාරම්භය නැත්නම් මෙයට පදනම වෙලා තියෙන්නේ ගණක යන්ත්‍රයයි. ඉතිහාසයේ මුලින්ම හදපු ගණක යන්ත්‍රය "ඇබකසය"යි. ඒකේ සාමාන්‍ය තේරුම " පෙත්ත/ පුවරුව" යන්නයි.
වර්ෂ 1617 දී " ජෝන් නැපියර්" කියල ස්කොට්ලන්ත ජාතික ගණිතඥයෙක් තවත් ගණක යන්ත්‍රයක් හදුන්වා තිබෙනවා. ලඝුගණක ක්‍රමය මුලින්ම හදුන්වා දුන්න මේ යන්ත්‍රය "Napier’s Bones " කියන නමින් ප්‍රසිද්ධ වුනා. 1 ඉදන් 9 වෙනකන් අංක කරපු දඞු කට්ටලයකින් තමයි මේක හදලා තියෙන්නේ. ගණනය කිරීම් කරන්න මේ දඞු එහා මෙහා කරන්න ඕන. ගොඩක් දුරට මේ දඞු ලී හරි ඇත් දළ වලින් හැදුව කියලයි සදහන් වෙන්නේ.

ඊට පස්සේ මුලින්ම යාන්ත්‍රික ගණක යන්ත්‍රයක් හදලා තියෙන්නේ (Mechanical calculator) ප්‍රංශ  ජාතික ගණිතඥයකු වූ "බ්ලේස් පැස්කල්". ඔහුගේ පියාගේ ව්‍යාපාර කටයුතු ලේසි කරන අරමුණින් තමයි ඔහු මෙම යන්ත්‍රය 1640 දී හදලා තියෙන්නේ. වසර දෙකකට පසු මේ යන්ත්‍රය "පැස්කලයින්" කියලා ප්‍රසිද්ධ වුනා. කුඩා දම්වැල් මගින් සම්බන්ධ කල දැති රෝද රැසකින් තමයි මේක හදලා තියෙන්නේ. හැම දැති රෝදයකම 0 සිට 9 දක්වා අංක නිරූපණය කරන්න දැති 10 ක් කපා තිබුණ මේ දැති රෝද කරකවල තමයි අදාල අංක මෙයට ඇතුල් කරල තියෙන්නේ.

 ඊට පස්සේ 1822 දී ඉංග්‍රීසි ජාතික ගණිතඥයකු වූ "චාල්ස් බැබේජ්"  "Difference Engine" කියන ගණක යන්ත්‍රය හැදුවා. මේ යන්ත්‍රය දැති හා ලීවර වලින් සමන්විත ඉතා සංකීර්ණ යන්ත්‍රයක්. මේක සාර්ථක වුන තරමට මෙයට මුද්‍රිත පිටපත් ලබා ගන්නත් හැකිවුනා. ඒත් ඒ කාලේ තාක්ෂණය එතරම් දියුණු නැති නිසා ඔහු මෙම යන්ත්‍රය සදහා කරපු සැලසුම් අතහැර දැමුවා.
ඒත් ධෛර්ය්‍යවන්ත පුද්ගලයෙක් වුන බැබේජ් 1834 දී කලින් යන්ත්‍රයටත් වඩා සාර්ථක ගණක යන්ත්‍රයක් හැදුවා. "Analytical Engine" ලෙස හැදින්වුන මෙම යන්ත්‍රයට ඕනෑම ගණිත කර්මයක් කරන්න සමත් වුනා. "පරිගණකයේ පියා" කියලා කියන්නෙත් මේ යන්ත්‍රයන් හදපු චාල්ස් බැබේජ්ටයි. මේ යන්ත්‍රය හදන්න ආරම්භයේදී බ්‍රිතාන්‍ය රජය මුදල් වෙන් කලත් පස්සේ රජය ඉන් ඉවත් වුන නිසා බැබේජ්ට මේ යන්ත්‍රය හදන කටයුතු අතහැර දමන්න සිදුවුනා.




චාල්ස් බැබේජ්ගේ යෙහෙළියක් වූ "Ada Augusta" නම් කාන්තාව Analytical Engine සදහා ක්‍රමලේඛන සංකල්පයක් (Programming Ideas) බිහි කළා. ඒ නිසා ඇය තමයි ලොව ප්‍රථම ක්‍රම ලේඛන ශිල්පියා (Programmer) කියලා හදුන්වන්නේ. පස්සේ ඇයට ගරු කිරීමක් ලෙස Ada නමින් පරිගණක භාෂාවක් ද බිහි වුනා (Programming Language).
පසු කාලයේ "හර්මන් හොල්රිත්" ඇමරිකානු ජාතිකයා 1880 දී නිපදවූ Tabulating Machine නම් සිදුරු සහිත කාඩ් පත් භාවිතා කල යන්ත්‍රයට වැදගත් තැනක් හිමි වුනා.
ඉතින් ඔන්න ඔහොම ටිකෙන් ටික වෙනස් වෙවී තමයි පරිගණකය අද අපි ළගට ඇවිත් තියෙන්නේ....................................
(මේ විස්තර කරල තියෙන්නේ ගොඩක් සරලව)

No comments:

Post a Comment