Social Icons

0

Pages

Saturday, August 17, 2013

හොරෙන් ලොග් වෙන්න හැදුවොත් ලොක් කරන්න....


 
මේක ගොඩක්ම වැදගත් වෙන්නේ එකම පීසී එක එකවුන්ට් හදාගෙන කීපදෙනෙක් පාවිච්චි කරනකොට. මේකයි කතන්දරේ. අපේ පාස්වර්ඩ් දාපු එකවුන්ට් එකකට වෙන කෙනෙක් ලොග් වෙන්න හැදුවොත්..... එයා හිතෙන හිතෙන පාස්වර්ඩ් ගගහ උත්සහයක් දෙයි. කොහොම හරි කීප වතාවක්ම ගහල ගහල අන්තිමට ලොග් වුනොත්...සොරි තමයි නෙ.. අපි කරන්නේ වැරදි පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න හැදුවොත් එකවුන්ට් එක ලොග් කරන එකයි.
හැබැයි ඉතින් පාස්වර්ඩ් එක කවුරුත් දන්නේ නැති අනුමාන කරන්න අමැරු එකක් වෙන්න ඕන. නැත්නම් ඉතින් වැඩක් නෑනෙ පාස්වර්ඩ් දාගෙන හිටියට. මේ පහසුකම වින්ඩෝස් 7 වල දීල තියෙනවා.




මේක වෙන්නේ වැරදි පාස්වර්ඩ් ඇතුල් කරමින් අපි සකසන වාර ගණනට වැඩියෙන් ඇතුල් කරන්න උත්සහ ගත්තොත්  ලබා දුන් කාලය තෙක් එකවුන්ට් එක ලොක් වෙන එකයි. මෙහෙමයි කරන්නේ.
මුලින්ම වින්ඩෝස් 7 ලෝකල් සිකියුරිටි පොලිසි වලට යන්න ඕන


  • Start          Control Panel 
  • Administrative Tools              
  • Local Security Policy
  • Account Policies
  • Account Lockout Policies


Double click the “Account Lockout threshold”
මෙහි Invalid logon attempts ලෙස සදහන් ස්ථානයේ ඇති “ 0 ” වෙනුවට වෙනත් අගයක් ලබා දෙන්න. එහි ලබා දෙන අගයෙන් වැරදි පාස්වර්ඩ් ලබා දෙන වාර ගණන තීරණය කරයි. උදාහරණයක් විදියට 3 සදහන් කළහොත් වැරදි පාස්වර්ඩ් තුන් වරක් සටහන් කළ විට යූසර් එකවුන්ට් එක ලෝක් වෙයි.



 Double click the “Account Lockout duration”
මෙමගින් එකවුන්ට් එක ලොක් වී තියෙන්න ඕන වෙලාව සකස් කරන්න ඕන. මෙහි ලොක් වෙලා තියෙන්න ඕන වෙලාව මිනිත්තු වලින් ලබා දෙන්න. මේ වෙලාව ඇතුළත නිවරදි පාස්වර්ඩ් එක ලබා දුන්නත් එකවුන්ට් එකට ලොග් වෙන්න නම් බෑ. ලොග් වෙන්න නම් ලොක් උනාට පස්සේ අර වෙලාව ඉවර වෙනකන්ම ඉන්න ඕනෙ......


එහෙනම් මුලින් හොදට කියවල බලල කරල බලන්නකෝ......

No comments:

Post a Comment