Social Icons

0

Pages

Monday, December 17, 2012

තැටිය ගලවමුද ....? Disk Technology…….


තැටි කිව්වේ ඉතින් CD, DVD,.... කියන ඕවා තමයි. මේව දන්නෙ නති කෙනෙක් නෑනෙ ඉතින්. අද කතා කරන්නෙ මේ තැටි හැදිල තියන විදිහ ගැනයි. මුලින්ම කියන්න ඕනෙ මේ විස්තර මම හොයාගත්තේ පොතකින්. මේකෙ තක්ෂණික වචන ටිකක් කතා කරනවා. ඉතින් සමහර දේවල් ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි. ඒත් ඉතින් අමාරුයි කිවුවට අමාරුත් නෑ.හරි එහෙනම් කතාවට බහිමු.

මොකක්ද මේ CD, VCD, DVD
කියන වචන. CD = Compact Disc, DVD = Digital Video Disc, VCD = Video Compact Disc මෙන්න මේවා තමයි වචන ටික. හරි මේ ඕනම තැටියක් හදලා තියෙන්නේ ප්ලාස්ටික් තට්‍ටු දෙකක් අතර ගොඩක් පිරිසිදු ඇලුමිනියම් තහඩුවක් තියල. මේකෙ අපි තැන්පත් කරන තොරතුරු ගොඩක් කාලයක් තියාගන්න ඕනෙනම් මේ තහඩුව රත්තරන් වලින් හදනව. තැටියේ උඩ පැත්තේ තියෙන්නේ තුනී ඇක්‍රිලිප් ප්ලාස්ටික් තට්‍ටුවක්. යට පැත්තේ තියෙන්නේ ඝන පොලිකාබනේට් ප්ලාස්ටික් තට්‍ටුවක්.

තැටියේ තොරතුරු ගබඩා වෙන්නේ ඇලුමිනියම් තහඩුව මත වලයාකාර කුහර හැදීමෙන් (pit). මේ කුහරයක ගැඹුර අඩුම තරමින් නැනෝ මීටර් 100ක් වෙනවලු (nm - නැනෝ මීටරයක් කියන්නේ මිලිමීටරයෙන් දසලක්ෂයෙන් පංගුවක්). නැනෝමීටර් 500ක් පළලයි. ඒත් ගබඩා කරන තොරතුරු හටියට මේ ගඹුරයි පළලයි ටිකක් වෙනස් වෙනව. මෙහෙම ලග තියෙන කුහර 2ක් අතර දුර මයික්‍රොමීටර් 1.6ක් විතර වෙනවලු (ඒ කියන්නේ මිලිමීටර් දාහෙන් පන්ගුවක්). මේ කුහර දෙකක් අතර දුරට කියන්න්නෙ "නෙරුමක්" (lands) කියල. ඡ්ඪ් තැටියක මේ නෙරුම් දෙකක් අතර දුරට (1.6 මයික්‍රොමීටර්) වඩා ඪ්Vඪ් තැටියක නෙරුම් දෙකක් අතර දුර 0.7 මයික්‍රොමීටර් තරම් අඩුයි. බ්ලූරේ තැටියක මේ දුර ඊටත් වැඩිය 0.32 මයික්‍රොමීටර් තරම් අඩුයි. මේ නිසා තමයි බ්ලූරේ තැටි වල ගබඩා කළ හැකි ධාරිතාව ගොඩක් වැඩි.

සීඩී තැටියක ඩේටා ඊඩ් කරන්නේ තැටියෙ යට පොලිකාබනේට් තට්‍ටුව මතට 780nm තරංග ආයමයක් ඇති අධෝරක්ත ආලෝක ධාරාවක් විදීමෙන්. මේ ධාරාව තැටියෙ කුහර හා නෙරුම් මත වැදිල ඒ රටාව අනුව පරාවර්තනය වෙනව. මේ පරාවර්තිත කිරණ රටාව කියවන සන්වේදකයක් සීඩී ඩ්‍රයිව් එකෙ තියෙනව. මේ තොරතුරු පරිගණකගත පරිපථයක් මගින් කියෙවෙනවා. ඩීවීඩී තැටියක තොරතුරු කියවන්න ගන්නෙ 650nm තරංග ආයාමයක් ඇති රතු ආලෝක ධාරවක්. බ්ලූරේ තැටි වල තියෙන්නෙ 405nm තරංග ආයාමයක් ඇති නිල් පාට ආලෝක ධාරාවක්.

සාමාන්‍ය තැටි මේහෙම උනාට CD R, DVD R, CD RW, DVD RW තැටි වල තොරතුරු ලියන්න ගන්නේ ඇලුමිනියම් තහඩුවක් නෙමේ. ඒ වර්ණ රසායන ද්‍රව්‍ය හෙවත් ඩයි තට්‍ටුවක්. ඩ්‍රයිව් එකෙන් විදින් ලේසර් කිරණෙන් මේ ඩයි තට්‍ටුව රත් වෙල වලයාකාර කුහර හදිල තමයි තොරතුරු ගබඩා කරන්නේ. මේ තැටි වල කොළ පාට තැටි තියෙන්නේ සයනීන් වර්ණ යොදාගත් තැටියි. තැලෝ සයනීන් පාට යෙදූ තැටි රන් කහ පැහැතියි. මෙටල් ඇසෝ වර්ගයේ ඩයි යෙදූ තැටි නිල් පාටයි.


මෙන්න මෙහෙම තමයි අපි හැමතිස්සෙම පාවිච්චි කරන මේ තැටි හැදිල තියෙන්නේ. දැන් ඉතින් තැටියක් අරන් මේ කියපු තට්‍ටු වෙන වෙනම ගලවන්න හිතෙනවද? එහෙනම් ඉතින් පරණ 1ක් අරන් නිකන් ඉන්න වෙලාවක ගලවල බලන්න...... :D

No comments:

Post a Comment