කව්රුත් දන්නවනේ එක
පීසී 1ක වෙනස් OS දෙකක් දාගෙන වැඩ කරන්න. ඒත් ඉතින් ඒකෙ තියන
පොඩි අවුලක් තමයි එක OS එකක ඉදන් අනිත් OS එකෙන් වැඩ
කරන්න හිතුනම ඊස්ටාර්ට් කරන්න ඕනෙනේ. එහෙම කරන්න ගියාමත් වෙලාවකට ඕක එපා වෙනවා.
ඉතින් ඔය සාමාන්‍ය ක්‍රමය නැතුව, ඊස්ටාර්ට් කරන්නෙත් නැතුව OS දෙකක
ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන් විදිහක් තියෙනවා..
..
මේක පොඩි සොෆ්ට් එකක්.
මේකෙන් කරන්නේ අපි අපේ පරිගණකයේ තවත් පරිගණකයක් (virtual
PC) හදනවා. ඒකෙ
තමයි අනිත් OS එක ඉන්ස්ටෝල් කරන්නේ. මේකෙන් වැඩ කරද්දී
සාමාන්‍ය විදිහට වින්ඩෝ එකක් විදිහට තමයි ඕපන් වෙන්නේ. ඒනිසා එකම වෙලාවේ OS දෙකේම
ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන්. වැඩිකතා නැතුව වැඩේට බහිමු එහෙනම්.
මුලින්ම මෙතනින් මේ සොෆ්ට්
1 බාගන්න.....
විස්තර කියවල තේරුම්
අරගෙන දැනට ස්ථාපිත කරල තියෙන මෙහෙයුම් පද්ධතියට ගැළපෙන සංස්කරණය ලබාගන්න.
සොෆ්ට් 1 ඉන්ස්ටෝල්
කරගත්තට පස්සේ Oracel VM Virtual Box ක්ලික් කර
Oracle VM Virtual Box Manager වින්ඩෝ 1 ලබාගන්න.
වර්චුවල් පීසී සෙටිංස්
සැකසීම
මෙහිදී වර්චුවල් පීසී
සෙටිංස් සැකසීමේදී ඉන්ස්ටෝල් කරන්න යන අනිත් OS 1 අනුව
සෙටිංස් සකසන්න ඕනෙ.
Oracle VM Virtual Box
Manager වින්ඩෝ එකේ වම් පස ඇති New නම් බට්න් 1 කිලක් කර Create New Virtual Machine නම් වින්ඩෝ 1 ලබාගන්න. මෙහි Next ක්ලික්
කිරිමෙන් පසු ඇති Name කියන තැනට Virtual
Machine 1ට කැමති
නමක් ලබා දෙන්න. මීළගට Operating system කියන ඩ්‍රොප්
ඩවුන් මෙනුවෙන් OS 1 තෝරන්න. ඊළගට Version කියන තැනින් OS එකේ සංස්කරණය
තෝරල Next ක්ලික් කරන්න.
මීළගට තියෙන්නේ Virtual Machine 1ට RAM ධාරිතාව
සකසන්න. ඒ සදහා Memory ලෙස සදහන් පිටුවෙන් OS 1 අනුව
ගැළපෙන විදිහට RAM ධාරිතාව සකසන්න. මීළගට Next ක්ලික්
කිරිමෙන් පසු Virtual Hard Disc නම් පිටුව ලැබෙනව. ඒකෙන් Start-up Disk සිලෙක්ට් කරල Create New Hard Disk තෝරල Next ක්ලික් කරන්න.
විවෘත වෙන Create New Hard Disk ඩයලොග් බොක්ස් එකෙන් File Type යටතේ ඇති VDI (Virtual Box Disk Image) සිලෙක්ට් කරල Next ක්ලික් කරන්න.
ඊට පස්සේ විවෘත වෙන Virtual Disk Storage details පිටුවෙන් Dynamically Allocated සිලෙක්ට් කරල Next ක්ලික් කරන්න.
ඊට පස්සේ Virtual Disk file Location and size පිටුව ලැබෙයි. මෙතනදී Virtual Hard Disc ධාරිතාව තෝරන්න ඕනෙ. ඒකට 8GB ට වැඩි free
space තියෙන partition 1ක් තෝරන්න. ඒ සදහා Location ඉදිරියෙන්
ඇති Browse බට්න් 1 ක්ලික් කරන්න.විවෘත වෙන Select a file for the new hard disk image file ඩයලොග් බොක්ස් එකේ save in ඩ්‍රොප් ඩවුන් මෙනුවෙන් වර්චුවල් හාර්ඩ් ඩිස්ක් 1 හදන්න
අවශ්‍ය ඩ්‍රයිව් 1 තෝරල Next ක්ලික් කරන්න. මීළගට size නම් ස්ථානයේ
වර්චුවල් හාර්ඩ් ඩිස්ක් 1 සදහා අවශ්‍ය ධාරිතාව ලබා දී Next ක්ලික් කරන්න.
හරියට සෙටිංස්
සැකසුවායින් පස්සේ Summary ලෙස සටහනක් ලැබේ.
මේකෙන් සකස් කරපු මූලික සැකසුම් පිළිබද විස්තර පෙන්නනවා. දැන් ඉතින් අන්තිමට Create බට්න් 1
ක්ලික් කරල අනිත් OS 1 ඉන්ස්ටෝල් කරන්න
වර්චුවල් පීසී 1 හදල ඉවර කර ගන්න.
එහෙනම් ඉතින් දැනට
වර්චුවල් පීසී 1ක් හදාගන්න. ඉදිරියේදී තවත් පෝස්ට් 1කින් හදාගත්ත මේ වර්චුවල් පීසී
එකේ OS 1ක් ඉන්ස්ටෝල් කරන හැටි කියල
දෙන්නම්.......
ජය වේවා !...........
me mouse point akanam hari nee yaaluwaa.... oyage soft akanam elaaaaaaaaaaaa
ReplyDeleteTnz bro...ilaga post 1kin me soft 1t ekka Android dana hati kynnm...
Deleteඅනිත් ටිකකෝ
ReplyDelete